ලෙට්’ස් එන්ක්‍රිප්ට් යනු මහජන ප්‍රයෝජනය සඳහා ක්‍රියාත්මක වන නොමිලේ, ස්වයංක්‍රීය සහ විවෘත සහතික අධිකාරියකි (CA). එය අන්තර්ජාල ආරක්ෂණ පර්යේෂණ සමූහය (අයි.එස්.ආර්.ජී.) විසින් සපයන සේවාවකි.
වියමන අඩවි සඳහා HTTPS (SSL/TLS) සබල කිරීමට අපි මිනිසුන්ට ඇවැසි සංඛ්‍යාංක සහතික හැකි උපරිම පරිශීලක-හිතකාමී ආකාරයෙන් නොමිලේ ලබා දෙන්නෙමු. අපට වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වයට ගරු කරන වියමනක් සෑදීමට ඇවැසි බැවින් මෙය සිදු කෙරේ.
අපගේ වාර්ෂික වාර්තාව බාගැනීමෙන් වඩාත්ම මෑත වසරේ සමාලෝචනය කියවීමට හැකිය.
ලෙට්’ස් එන්ක්‍රිප්ට් පිටුපස ඇති ප්‍රධාන මූලධර්ම වන්නේ:
- නොමිලේ: වසම් නාමයක් හිමි ඕනෑම කෙනෙකුට වියදමකින් තොරව විශ්වාසදායක සහතිකයක් අත් කර ගැනීමට ලෙට්’ස් එන්ක්‍රිප්ට් භාවිතා කළ හැකිය.
- ස්වයංක්‍රීය: වියමන සේවාදායකයක ධාවනය වන මෘදුකාංගයකට ලෙට්’ස් එන්ක්‍රිප්ට් සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් සහතිකයක් පහසුවෙන් අත් කර ගැනීම, භාවිතයට ආරක්ෂිතව වින්‍යාසගත වීම සහ ස්වයංක්‍රීයව අළුත් වීම ද සිදු වේ.
- ආරක්ෂිත: ස.අධි. (CA) පාර්ශවයෙන් සහ අඩවි ක්‍රියාකරුවන්ට ඔවුන්ගේ සේවාදායක නිසියාකාරව සුරක්ෂිත කිරීමට උදවු කිරීමෙන් TLS ආරක්ෂණයේ ප්රශස්ත භාවිතයන් ප්රගමනයට ලෙට්’ස් එන්ක්‍රිප්ට් වේදිකාවක් ලෙස සේවය කරනු ඇත.
- විනිවිද භාවය: නිකුත් කරන ලද හෝ අහෝසි කරන ලද සියළුම සහතික ප්‍රසිද්ධියේ සටහන් කර ඇති අතර ඕනෑම කෙනෙකුට පරීක්ෂා කිරීමට තිබේ.
- විවෘත: ස්වයංක්‍රීය නිකුත් සහ අළුත් කිරීමේ කෙටුම්පත අන් අයට යොදාගත හැකි විවෘත ප්‍රමිතියක් ලෙස ප්රකාශනය කර ඇත.
- සමුපකාර: බොහෝ පවතින අන්තර්ජාල කෙටුම්පත් මෙන්, ලෙට්’ස් එන්ක්‍රිප්ට් යනු ඕනෑම සංවිධානයක පාලනයෙන් ඔබ්බට ප්‍රජාවට ප්රතිලාභ ලබා දීම සඳහා වූ ඒකාබද්ධ ප්රයත්නයකි.
ලෙට්’ස් එන්ක්‍රිප්ට් ක්‍රියා කරන ආකාරය පිළිබඳව වඩාත් විස්තරාත්මක තොරතුරු සහිත පිටුවක් අප සතුව ඇත.